බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 ගුණ සැමරුම් උළෙල හා සමගාමීව මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සැමරුම් උළෙල මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේදී පැවැත්විය.
ජාතික බාලදක්ෂ මූලස්ථානයේ සහය ප්‍රධාන කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතාගේ සහ පාසල් මළල ක්‍රීඩා සංගමයේ සභාපති , මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් බාලදක්ෂ කොමසාරිස් හා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිශාන් වාසලගේ මහතාගේත් මහනුවර දිස්ත්‍රික් කොමසාරිස් මංජුල සිරිවර්ධන මහතා ප්‍රමුඛ සහාය කොමසාරිස්වරුන්ගේත් ශාන්ත පාවුළු/ශ්‍රී සුමංගල ආදි බාලදක්ෂ සංගමයේ සභාපතිතුමන් ප්‍රමුඛ නිළධාරින්ගෙත්,දිසාවේ බාලදක්ෂ/බාලදක්ෂිකාවන්ගේත් සහභාගිත්වයෙන් පැවති මෙම අති උත්කර්ශවත් උළෙල 8වන මහනුවර ශාන්ත පාවුළු / ශ්‍රී සුමංගල ආදි බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලදී.
August 10 @ 8:00 am