ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2025

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය 4වන ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2025 ජූලි මස 15 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ඡන්ද මධ්‍යස්ථාන 4කදී පැවත්විණ.

මැතිවරණ කොමසාරිස් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු මහලේකම් විද්‍යාලයේ ගරු විදුහල්පති R.M. දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ අධීක්ෂණයෙන් හා ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්, විද්‍යාලයේ සහකාර විදුහල්පතිනී රංජනී ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජයීය විද්‍යා ගුරු මහත්ම මහත්මීන් හා විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ සහාය මත ක්‍රියාත්මක විය.

මෙවර ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් 153 කට අධික ප්‍රමාණයක් තරඟ වැදුණු අතර ඉන් 100 දෙනෙකු ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ඡන්දයෙන් තේරී පත්විය. මෙහිදී සැබෑ ඡන්දපොල අත්දැකීම හා ඡන්දයක සමස්ත ක්‍රියාවලියේ ම අත්දැකීම් විඳගැනීමට සියළුම දරුවන්ට හැකිවීම සුවිශේෂී කරුණක් වූ අතර මැතිවරණ කටයුතු ඉතා සාර්ථකව, සාමකාමී අයුරින් පැවැත්විය.

Captured by: Luchira Jayasundara | Sheleen Akaragala
Edited by : Isuru Upendra Dodamwala | Luchira Jayasundara

©Photographic Club Of Sri Sumangala College Kandy. Editing, reproducing and re – using the images for commercial purpose or otherwise without permission of ©Photographic Club Of Sri Sumangala College are strictly prohibited and considered as intended copyright infringement. ©Photographic Club Of Sri Sumangala College Kandy | ©2025 All Right Reserved.