මනෝ විද්‍යාත්මක මග පෙන්වීමේ වැඩසටහන

මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලීය සිසු දරුවන් උදෙසා “පාසල් දරුවා ක්‍රියාකාරී බුද්ධිමත් දරුවෙක් බවට පත්කර ගැනීමට මනෝ විද්‍යාත්මක මග පෙන්වීමේ වැඩසටහනක් ” 2025/12/17 පෙරවරු 8.30 සිට ප.ව.1.00 දක්වා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.

විද්‍යාලයේ ගරු විදුහල්පති දේශප්‍රිය රත්නායක මැතිදුන්ගේ උපදෙස් පරිදි සියලුම ගුරු මහත්ම මහත්මීන් විසින් සංවිධාන කටයුතු සිදු කෙරුණු අතර සම්බන්ධීකරණය රංජනී ජයසේකර සහකාර විදුහල්පතිනිය විසින් සිදුකරන ලදී.

ප්‍රධාන දේශනය මහනුවර මහ රෝහලේ වෛද්‍ය මනෝ උපදේශක, මනෝ චිකිත්සක චාමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදී. ඒ සඳහා අනුග්‍රහය ,මධ්‍යම පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් දරන ලද අතර ,මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී ගංගා කුමාරිහාමි මහත්මිය, නිපුණතා සංවර්ධන නිලධාරී නාමල් පිටහවත්ත මහතා සහභාගි වූහ.