මහ/වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2025-10-16 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. එහි මූලිකත්වය හා අනුශාසකත්වය ශිෂ්‍ය පාර්ලිමේන්තු මහලේකම් ගරු විදුහල්පති ආර්.එම්.දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ මනෝ විද්‍යා උපදේශන නිලධාරීන් පිරිසක් විසින් වැඩසටහන මෙහෙයවන ලදී. මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සඳහා අනුග්‍රහය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් දරන ලදී.
වැඩසටහන සංවිධානය සමාජීය විද්‍යා ගුරුභවතුන් විසින් සිදු කරන ලදී.
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am