පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වාලීම සහ ළමා අයිතිවාසිකම් පිලිබද දැනුවත් කිරීමේ අරමුණින් අන්තර් පාසල් විවාද තරගාවලියක් පසුගියදා මහනුවර සුමංගල විද්‍යාලයේදි පවත්වන ලදි. මෙම විවාද තරගාවලිය සංවිධානය කරන ලද්දේ මධ්‍යම පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව හා මහනුවර ආදී විවාද එකමුතුව විසිනි. මේ සඳහා පළාතේ පාසල් 32 ක විවාද කණ්ඩායම් සහභාගි විය. ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ සුමංගල විද්‍යාලයේ විදුහල්පතිතුමාද මෙම අවස්ථාට සහභාගි විය
February 17 @ 7:00 am
March 2 @ 8:00 am
August 10 @ 8:00 am