අ.පො.ස. උසස් පෙළ (2025 /2027) සිසුන් දිශානුගත කිරීමේ වැඩසටහන් පෙළ

මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලීය අ.පො.ස. උසස් පෙළ (2025 /2027) සිසුන් දිශානුගත කිරීමේ වැඩසටහනක් 2025-08-26 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පවත්වනු ලැබීය. ඔක්ස්ෆර්ඩ් ලංකා විශ්ව විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක,බෝගම්බර බන්ධනාගාරයේ විනය අංශයේ ප්‍රධාන කාර්යභාර නිලධාරී කේ.ඩබ්ලිව්.සුපුන් සමීර මහතා සහ විද්‍යාලීය සහකාර විදුහල්පති නිශ්ශංක කරුණාධිපති යන මහත්වරුන් විසින් වැඩසටහන් පවත්වන ලදී. වැඩසටහන් සංවිධානය විද්‍යාලයීය සහකාර විදුහල්පති රංජනී ජයසේකර මහත්මිය සහ උසස් පෙළ ගුරුභවතුන් විසින් සිදු කරනු ලැබීය.


මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලිය අ.පො.ස. උසස් පෙළ( 2025 /2027) දරුවන් දිශානුගත කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් 2025-08-27 දින ක්‍රියාත්මක විය. ඉගෙනුම් ඉලක්ක අරමුණුකොට ප්‍රායෝගික අභිප්‍රේරණයක් ඇතිකිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැරඹීමට යාමේ ක්ෂේත්‍ර චාරිකාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.


මහ /වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලීය අ.පො.ස.උසස් පෙළ ( 2025 /2027 )දරුවන් දිශානුගත කිරීමේ වැඩසටහනේ අති සාර්ථක පියවරක් අද දින (2025-08-28) මහනුවර ICBT ආයතනයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. විද්‍යාලයේ විදුහල්පති R.M. දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති මහාචාර්ය වෝල්ටර් සෙනෙවිරත්න මැතිඳුන් විසින් විශේෂ දේශනය පවත්වන ලදී. ICBT ආයතනයේ marketing manager සංජීව ජයමාන්න, senior marketing executive ඉෂාර ධනංජය, senior marketing executive උදිත හේරත් යන මහත්වරුන් විසින් දේශන පවත්වන ලද අතර Senior marketing executive මහේන්ද්‍ර ඉන්ද්‍රජිත් මහතා විසින් එම ආයතනය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී. වැඩසටහන් සංවිධානය විද්‍යාලීය සහකාර විදුහල්පති රංජනී ජයසේකර මහත්මිය සහ උසස් පෙළ ගුරු භවතුන් විසින් සිදු කරනු ලැබීය.


මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලීය 12 ශ්‍රේණි දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව. 2025-08-29 මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සහ අවට ඇති කෞතුකාගාර නැරඹීම සිදු කරන ලදී. විද්‍යාලයේ විදුහල්පති R.M. දේශප්‍රිය රත්නායක මැතිඳුන්ගේ උපදෙස් පරිදි සංවිධානය සහකාර විදුහල්පති රංජනී ජයසේකර සහ පූජ්‍ය දම්පිටියේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ උසස් පෙළ ගුරු මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.